කොවිඩ් තොරතුරු සහ උපදෙස් සිංහලෙන්
COVID Information and Advice in Sinhala
කොවිඩ්, සනීපාරක්ෂාව සහ සම
ඇතුළු පිටුවලින්..
කොවිඩ් එන්නත්කරණය ගැන නිතර ඇහෙන ප්‍රශ්න
කොවිඩ් එන්නත වැඩ කරන්නේ කොහොමද? ඔබ කලින් ලබා ගෙන ඇති එන්නත් වගේම, කොවිඩ් එන්නතේ තියෙන්නේ
පසු කොවිඩ් තත්වය සහ රෝග ලක්ෂණ
පසු කොවිඩ් තත්වය, එහි රෝග ලක්ෂණ සහ ගතයුතු පියවර විස්තරාත්මකව දැනගන්න.
මම අවදානම් කාණ්ඩයකට අයිති කෙනෙක්ද?
බොහෝ දෙනෙක්ට COVID රෝගය ඉබේම සුව වෙන සුළු අසනීපයක් උනත්, සමහරෙක්ට එය උග්‍ර වෙන්න පුළුවන්.
මම එන්නත් දෙකම අරගෙනයි තිබුණේ. මට කොහොමද කොවිඩ් හැදුණේ?
එන්නත් දෙකම අරගෙන තිබුණත්, ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න ටික කාලයක් යනවා. සාමාන්‍යයෙන් දෙවැනි මාත්‍රාව අරගෙන
මම රෝගී වෙලා ගෙදර ඉන්නව නම් කොහොමද පරිස්සම් වෙන්න ඕන?
ඔබට කරුණු තුනක් ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. පළමුව, ඔබගෙන් ගෙදර ඉන්න අනික් අයට බෝ වෙන්න
පොසිටිව් උනොත් මොකද කරන්නේ?
හුඟ දෙනෙක්ට, හෙම්බිරිස්ස කැස්ස වගේ සුළු අසනීප තත්ත්වයක් විතරයි දැනෙන්නේ. ඉතා ටික දෙනෙක්ට රෝගය උත්සන්න
කොවිඩ් කියන්නේ..
කොවිඩ් කියන්නේ SARS-CoV-2 වයිරසය නිසා ඇතිවන බෝවන රෝගයක්.
මෙය වැළඳෙන වැඩි පිරිසකට ශ්වසන පද්ධතියේ සුළු හෝ මධ්‍යම පමණ ආසාදන තත්ත්වයක් ඇතිවී සුව වෙනවා.
නමුත් යම් අඩු පිරිසකට අසාධ්‍ය රෝගී තත්ත්වයක් ඇති විය හැකියි. වයසින් වැඩි හෝ වෙනත් රෝගාබාධ වලින් පෙලෙන අය මෙසේ අසාධ්‍ය වීමට වැඩි ඉඩක් තියෙනවා. නමුත් ඕනෑම වයසක කෙනෙකුට මේ අසාධ්‍ය තත්ත්වයන් ඇතිවීමේ හෝ රෝගයෙන් මිය යාමේ ඉඩක් තියෙනවා.
කොවිඩ් හැදෙන එක වලක්වා ගන්නේ කොහොමද?
රෝගය වැළැක්වීමටත්, පැතිරීම අවම කිරීමටත් ඇති හොඳම ක්‍රමය වන්නේ රෝගය ගැනත් එහි පැතිරීම ගැනත් දැනුමෙන් සන්නද්ධ වෙන එක. ඒ විතරක් මදි ඒ දැනුම එදිනෙදා ක්‍රියාකාරකම් හරහා භාවිතෙයේ යොදවන්න ඕන.
ඔබටත්, ඔබ අවට ඉන්න අයටත් කොවිඩ් හැදෙන එක වළක්වන්නත්, පැතිරීම අවම කරන්නත්, භෞතික දුරස්ථභාවය තබා ගැනීම, නාසය සහ කට නිවැරදිව වැසෙන මුව ආවරණයක් පැළඳීම, දෑත් නිතිපතා නිවැරදි ලෙස පිරිසිදු කිරීම, සහ නිර්දේශිත ලෙස කොවිඩ් එන්නතක් ලබා ගැනීම අපි හැමෝගෙම වගකීමක්.
කොවිඩ් පැතිරෙන්නෙ කොහොමද?
කොවිඩ් වයිරසය ආසාදනය වුනු කෙනෙකුගේ මුඛයේ හරි නාසයේ හරි ඉඳල ඒ පුද්ගලයා කහිනකොට, කිවිසුම් යවනකොට, කතාකරනකොට, ගායනා කරනකොට විතරක් නෙවෙයි හුස්ම ගන්නකොටත් කුඩා ද්‍රව අංශු එක්ක වයිරසය පැතිරෙන්න පුළුවන්.
මේ ද්‍රව අංශුවල ප්‍රමාණය ශ්වසන බිඳිති වල ඉඳල ඉතා කුඩා, වාතයේ යම් වෙලාවක් රැඳී තියෙන දුමාරයක් වැනි අංශු දක්වා වෙනස් වෙන්න පුළුවන්.
ඒ නිසා කහිනකොට, කිවිසුම් යවනකොට විතරක් නෙවෙයි, මේ වසංගත කාලයෙදී කෙනෙක් ලඟ ඉදන් කතාකරනකොට පවා ‘ශ්වසනයේ ආචාරශීලීබව’ පවත්වා ගැනීම වැදගත්.
පවුලේ අයත් එක්ක ඉන්නකොට වුනත්, කහිනකොට, කිවිසුම් යවනකොට, වැලමිටෙන් මුඛය ආවරණය කරගන්න එක වගේ දේවල් ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවන්.
එන්නත් ඇත්තටම වැඩ කරනවද
ඔව් එන්නත් ඇත්තටම වැඩ කරනවා!
එන්නත් නැත්නම් වැක්සින් අවුරුදු සිය ගණනක ඉඳල භාවිතා වෙනවා.
වසුරිය, පෝලියෝ වගේ රෝග අපි අද දකින්නේ නැත්තේ, ගලපටලය, කක්කල් කැස්ස නිසා කුඩා දරුවෝ අතීතයේදී වගේ මැරෙන්නේ නැත්තේ, වැක්සින් නිසා.
එන්නත් නැත්නම් වැක්සින්, කියන්නේ බෙහෙත් වර්ගයක් නෙවෙයි.
වැක්සින් ලෙස ඔබේ ශරීරයට ඇතුළු කරන්නේ අඩපණ කරපු රෝග කාරකයම හෝ රෝග කාරකයේ කොටසක්.
රෝගය හැදෙන්න කලින් ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරල, රෝගය එක්ක සටන් කරන්න අවශ්‍ය ප්‍රතිදේහ ඇඟ ඇතුලෙම නිපදවාගන්න පිටතින් රෝග කාරකයේ හැඩරුව ශරීරයට හඳුන්වාදීම තමයි ප්‍රතිශක්තිකාරක එන්නත්කරණයේ මුලධර්මය.
ප්‍රතිශක්තිය හදාගන්නේ අපේ ශරීරයමයි.
ඒ නිසා බොරු ප්‍රචාර වලට අහුවෙන්න එපා.